මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා. ඒ ඊට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා යි.

එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඒ සඳහා ඉදිරිපත් කළ බවට එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

තමන්ට මරණ තර්ජන එල්ල කළ බවට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ කළ යන පිරිස කළ පැමිණිල්ලකට අනුව යි පසුගිය සඳුදා ඔවුන් දෙදෙනා කොල්ලුපිටිය පොලිීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා .

WhatsApp Group

Skip to content