මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ නිවාඩු පැකේජ සහ ගනුදෙනු හඳුන්වාදී තිබෙනවා.

චීන සංචාරකයන් ඉලක්ක කරගනිමින් එය ක්‍රියාත්මකයි.

චීන සංචාරකයින් ගෝලීය සංචාරයේ අහිමිවූ කාලය පිරිමැසීමට උත්සුකවන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයේ ජනප්‍රිය විවේක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදීම සඳහා සංචාරක වෙළඳපළ සමඟ සමීපව කටයුතු කරනු ඇති.

චීනය සිය දේශ සීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අප්‍රේල් පළමු සතියේදී චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම්ව සිටිනවා.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛතම වෙළඳපොළක් ලෙසයි චීනය හඳුනාගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content