2024 සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 181 ක අදායමක් උපයා තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ මෙම කාලසීමාව වන විට උපයා තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 152 දශම 2 අදායම මෙම වසරේ දී ඉක්මවා තිබෙනවා.

එමෙන්ම මේ වසරේ ගත වූ මාස නවය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 2,348කට ආසන්න අදායමක් උපයා ඇති අතර, එය පසුගිය වසරේ එම කාල සීමාව තුළ උපයා ගත් අදායමට වඩා සියයට 61 දශම 2 ක වර්ධනයක් පෙන්නුම් කිරීම ද විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content