සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ගෝල්ෆේස් ප්‍රදේශය, අ`ඵත්කඩේ අධිකරණ ප්‍රදේශය, බේරුවල, හම්බන්තොට, හික්කඩුව, ගාල්ල සහ ඇල්ල යන ප්‍රදේශවල රාත්‍රී කාලයේදී වැටලීම් සිදුකරන බවයි එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පවසනවා.

පසුගියදා අවස්ථා කිහිපයකදී විදේශිකයින්ට ආහාර ගැනීමට යාමේදී සිදු වූ අපහසුතාවයන් හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content