ටයිටැනික් නෞකාවේ සුන්බුන් බැලීම සඳහා යන ලද සංචාරකයන් රැගත් සබ්මැරීනයක් අතුරුදන්ව තිබෙනවා.

එම අවස්ථාවේ පුද්ගලයන් 05 දෙනෙකු එම සබ්මැරීනයේ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව එම සබ්මැරීනය සෙවීම සඳහා අත්ලන්තික් සාගරයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

අඩි 12,500ක් ගැඹුරින් තිබෙන ටයිටැනික් නැවේ සුන්බුන් සෙවීම ඇතුළු දින 08ක සංචාරයක් සඳහා එම සංචාරකයෙකුට ඇමරිකානු ඩොලර් 250,000ක ප්‍රවේශපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content