පසුගිය වසර දෙකට සාපේක්ෂව 2024 වසරේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පාලනයේ පවතින සංචාරක ආකර්ෂණ ගමනාන්තවලට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගේ පැහැදිලි වැඩි වීමක් දකින්න ලැබෙන බව වනජීවී , වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය
2024 මුල් මාස 06 තුළ පමණක් සංචාරකයින් 364,521 ක් පැමිණ ඇති අතර ඒ අතරින් 40%ක්ම විදේශ සංචාරකයින් බවද අමාත්යවරිය සඳහන් කළාය.
අමාත්යවරිය මේ බව සඳහන් කළේ ‘දෙවසරක ප්රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (28 ) ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content