සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ රාත්‍රී 10 සීමාව වෙනස් කර තිබෙනවා.

ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත සංදර්ශන පැවැත්විය හැකියි.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති බව සදහන්.

එම සංගීත සංදර්ශන ආගමික ස්ථාන සහ රෝහල් වැනි ස්ථානවල සිට සාධාරණ දුරක් තබා ගනිමින් පැවැත්විය යුතු බව ද එම ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content