අනුරාධපුර – රඹෑව මාර්ගයේ කිලෝමීටර 13 සහ 14 කණු අතර ප්‍රදේශයේදී, සංගීත ප්‍රසංගයක් නරඹා යමින් සිටි තරුණයින් පිරිසක් යටකර පලාගිය කැබ් රථය එහි සිටි තුන්දෙනෙකු සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුරය – යාපනය මංසන්ධියේදී පොලිස් භාරයට ගත් මොවුන් ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක සේවකයන් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන්ද අදාළ සංගීත ප්‍රසංගය නැරඹීමට ගොස් පැමිණෙමින් සිටින අතරතුරයි මෙම අනතුර සිදුව ඇත්තේ.

කැබ් රථය පැදවූ තරුණයා 18 හැවිරිදි වියේ පසුවන අතර, ඔහුට රියදුරු බලපත්‍රයක්ද නොමැති බව දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මෙම අනතුරින් අවුරුදු 16, 19 සහ 21 යන වයස්වල පසුවූ තරුණයින් තිදෙනෙකු මියගියා .

තවත් කාන්තාවන් දෙදෙනෙකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවද සදහන් .

WhatsApp Group

Skip to content