ලෝක මලල ක්‍රීඩා සම්මේලනය සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරග කිරීම තහනම් කර තිබෙනවා.

එමෙන්ම අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ටෙස්ටොස්ටෙරෝන් සීමාවන් දැඩි කර ඇති බවයි පාලක මණ්ඩලය ප්‍රකාශ කලේ.

එහි සභාපති සෙබස්තියන් කෝ සාමිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පිරිමියෙකු ලෙස වැඩිවියට පත් වූ කිසිදු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවකට මාර්තු 31 වන දා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගි වීමට අවසර නොදෙන බව යි.

ක්‍රීඩාවේ වඩාත්ම මතභේදාත්මක සහ බෙදීම් ඇති කරවන සුළු ප්‍රශ්නවලින් එකක් වන මෙම ගැටලුව වටා ඇති නීති 2022 වසරේ දී සම්මත කර ගත් ලෝක ජල ක්‍රීඩාවට අදාල නීති හා සමාන අයුරින් යාවත්කාලීන කර තිබෙනවා.

WhatsApp Group

Skip to content