මෙරට ඉන්ධන වෙළදපොළට එක්වන ෂෙල් සමාගම අද සිට සිය ඉන්ධන අලෙවිය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව ඊයේ දිනයේදී කොළඹ වරයාට සේන්දු වී තිබුණා.

ඒ අනුව ෂෙල් සමාගම විසින් අද සිට මෙරට ඉන්ධන පිරවුම් හල් 150ක ඉන්ධන අලෙවිය ආරම්භ කරනු ඇති.

ලොව ප්‍රමුඛ ඛණිජ තෙල් නිෂ්පාදන ආයතනයක් වන ආර්.එම් පාර්ක්ස් සහ ෂෙල් සමාගම එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක් ආරම්භ කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ මෙලෙස අදහස් පලකළා.

WhatsApp Group

Skip to content