අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ බෙයිජින් හිදී පැවැත්වුණා.

මෙහිදි ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි නොගසන බවට දෙපාර්ශවය එකගත්වයකට පැමිණ තිබෙනවා.

චීන ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබා දෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වේරි භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සෑම විටම චීනය පෙනී සිටින බව ද චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අවධාරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content