ෂැන්ෂාන් සුළි කුණාටුව අද අලුයම ජපානයේ ප්‍රධාන දකුණු දූපතක් වන කියුෂු වෙත ළඟා වුණා.

මේ හේතුවෙන් සුළං සහ කුණාටු ඇතිවීම සඳහා ඇති ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමද එරට බලධාරීන් විසින් නිකුත් කර තිබෙනවා.

මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 252 වේගයෙන් හමා ගිය බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

මෙම ආපදා තත්වය මත පුද්ගලයින් තිදෙනෙක් ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content