ජපානයට බලපා ඇති ෂැන්ෂාන් සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ 50කට අධික පිරිසකට බලපෑම් එල්ලවී තිබෙනවා.

පැයට කිලෝමීටර 252 ක වේගයෙන් හමා යන සුළි කුණාටුව හේතුවෙන් හතරදෙනෙකු මියගොස් තවත් 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුළි කුණාටුවේ බලපෑමෙන් ගත වු පැය 24 තුළ මිලි මීටර 600කට අධික වර්ෂාපතනයක් කියුෂු දූපතට ඇද හැලී තිබෙනවා.

WhatsApp Group

Skip to content