චීනය මිනිසුන් සහිත ශෙන්ශොව් – 17 අභ්‍යාවකාශ යානය අද පෙරවරුවේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව දියත් කරනු ලැබුවා.

මෙම යානය ගගනගාමින් තිදෙනෙකුගෙන් සමන්විත අතර චීනයේ අභ්‍යාවකාශ මෙහෙයුමක් සදහා එක්වූ ලබාලතම ගගනගාමින් තිදෙනා මොවුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොවුන් අවුරුදු 33, 34 සහ 48 යන වයස්වල පසුවනවා.

මෙම පිරිස අභ්‍යාවකාශ මධ්‍යස්ථාන මෙහෙයුමක් සදහා මාස 6 ක පමණ කාලයක් රැදී සිටීමට නියමිතයි.

WhatsApp Group

Skip to content