ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ උන්වහන්සේට හුස්ම ගැනීමේ අපහසුවක් හට ගෙන තිබෙන අතර, ඒ අනුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මෙලෙස රෝහල් ගතකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සෙ මේ වන විට 86 හැවිරිදිවියේ පසුවනවා.

මෙලෙස උන්වහන්සේ රෝහල් ගතකිරීමෙන් පසු සී.ටී ස්කෑන් පරීක්ෂාවක්, හෘද රෝග පරික්ෂාවක්, කෝවිඩි 19 පරික්ෂාවක් මෙන්ම රුධිර පරික්ෂාවක සිදු කර ඇති අතර, එම සියලු පරීක්ෂාකිරීම් වල ධනාත්මක ප්‍රතිඵල ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වන වැඩිදුරටත් සදහන් වන්නේ.

WhatsApp Group

Skip to content