පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම සති අන්තයේ නිකුත් කිරීමට හැකියාවක් පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළව අවසන් අදියරේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඔක්තෝම්බර් මස 15 වන දින පැවැත් වූ අතර සිසුන් තුන් ලක්ෂ තිස් හත්දහස් පන්සිය අනු එකක් විභාගය සඳහා පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content