15 වනදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට දෙමාපියන් සහ ගුරුවරුන් පිරිසක් චෝදනා කරනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් අදාල ප්‍රශ්න පත්‍රය මෙලෙස පිටව ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

එමෙන්ම, අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් අදාළ ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න පත්‍රයක් වට්ස්ඇප් මාධ්‍ය වෙත යොමු කර ඇති බවට දෙමාපියන් චෝදනා කළා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට අදාලව ප්‍රශ්න පත්‍රය සකස් කළ අදාළ නිලධාරී මණ්ඩලය සමඟ අද පරීක්ෂණයක් පවත්වන බව කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පවසනවා.

WhatsApp Group

Skip to content