2023 ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නොවැම්බර් 27 වැනිදා සිට ලබන දෙසැම්බර් 04 වැනිදා දක්වා කාලය ඒ සඳහා ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව අදාළ විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කරමින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අභියාචනා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු වනවා.

WhatsApp Group

Skip to content