ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන් දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

තම ජීවිත කාලය තුළ වැඩි කලක් ක්‍රීඩා කර ඇති බවත්, තමන් විවේක ගැනීමට අවශ්‍ය අවධියකට පැමිණ ඇති බව තමන්ට හැඟෙන බවයි සිය සමුගැනීම නිවේදනය කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

වසර 14ක කාලයක් පුරාවට ජාත්‍යන්තර ශතක 14 කට හිමිකම් කියන ඔහු, ඉන්දීය 20-20 කණ්ඩායමේ නායකත්වයද දරනු ලැබුවා.

40ට වැඩි සාමාන්‍යයක් සහ 90 වැඩි පිතිකරණ වේගයක් සහිත ක්‍රීඩකයකුවන ඔහු, එක්දින ලකුණු 5000ට වැඩියෙන් ලබාගත් ඉන්දියානු ක්‍රීඩකයින් අතරට එක් වූ ක්‍රීඩකයින් 8 දෙනාගෙන් එක් අයෙක්ද වෙනවා.

WhatsApp Group

Skip to content