ශාන්ති කර්මයක් සිදු කරන අතරතුර මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ දඹුල්ල රෝහලේ වීශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණය සම්බන්ධයෙන් 19 දින විවෘත තීන්දුවක් නිකුත් කළා.

මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට ශරීරයේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා එහි වාර්තාවක් කැඳවා මරණයට හේතුව ප්‍රකාශයට පත්ක කරන බව පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ  කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශ්යේ පදිංචි ඒකනායක මුදියන්සෙද්ලාගේ චාන්දනි කුමාරි ඒකනායක (48)   හැවිරිදි තිදරු මවකි.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවේ ලග්ගල පොලිසියේ පොලිස් සැරයන් 2519  ඒ .එම් .කරුණාරත්න මහතා දන්වා සිටියේ මෙම කාන්තාව අනියම් සබඳතාවයක් නිසා පවුල්  ආරවුලක් පැවැති බවයි.

ඒ අනුව ඇයගේ අනියම් සබඳතාවය ඉවත් කර ගැනීමට නොහැකි වී  ඇත්තේ  ඇයට   යම්කිසි වසක් විසක් කවුරුන් හෝ ලබාදී ඇති බවට පවුලේ පිරිස කළ බවයි.

ලග්ගල හත්තොට අමුණ ප්‍රදේශ්යේ පතල් රැකියාවේ නිරතව සිටි පිරිස ගල්කිරියාගම   පදිංචි කට්ටියකු  හරහා ශාන්ති කර්මයක් කරවා ගෙන ඇයගේ  වස විස ඉවත් කිරීම සිදුකරන ශාන්ති කර්මය  අතරතුර මෙම අනතුර සිදුවී ඇති  බවයි.

ගල්කිරියාගම   ප්‍රදේශ්යේ පදිංචි විසිපස් හැවිරිදි කට්ටඩියෙක්  සහ ඔහුගේ  පෙම්වතිය එක්ව පසුගියදා හත්තොට අමුණ ප්‍රදේශ්යේ නිවසක මෙම  ශාන්ති කර්මය සිදු කොට තිබෙන බවද  ඇයට තැඹිලි සහ කහ වතුර පානය කිරීම සඳහා ලබා දී ඇති බවද  එහි දී රෝගාතුර වූ ඇය හත්තොට අමුණ රෝහලට ඇතුළත් කොට පසුව දඹුල්ල මූලික රෝහලට රැගෙන එමින් තිබිය දී මියගිය බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලීසියට ලද තොරතුරු මත   නාඋල   මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නාඋල වැඩබලන මහේස්ත්‍රාත් ශාමලි විජේරත්න මහත්මිය  නියෝග කළ අතර එම නියෝගය අනුව දඹුල්ල රෝහලේ   වීශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම් .ටි .එම්  අමිර්  ලාෆිත් මහතා 19 දින පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදී සිදු කරන්නට විය.

මරණ පරීක්ෂණය  සිදු කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යවා මරණයට හේතුව ලබාදෙනතුරු විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණා.

මෙම ශාන්ති කර්මය සිදු කළ බව කියන ගල්කිරියාගම ප්‍රදේශ්යේ කට්ටඩි  පෙම්වතා වන  විජේසුන්දර මුදියන්සේලාගේ රජිත් මලින්ද (26) සහ අවතේව කම් කල පෙම්වතිය බව කියන  සමරවිලගේ ප්‍රියදර්ශනි ප්‍රබෝද්‍  (24) ලබන  27 දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  නාඋල වැඩබලන මහේස්ත්‍රාත්වරිය වන   ශාමලි විජේරත්න මහත්මිය  18 දින නියෝග කළා.

මියගිය කාන්තාවගේ දේහය ඥාතීන්ට ලබා දීමට පොලීසිය පියවර ගත් අතර සිද්දිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

 

 

 

WhatsApp Group

Skip to content