පළාත් පාලන ආයතනවල සීමානීර්ණයට අදාළව පත්කෙරුණු කමිටුවේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රාමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගය සදහා ඊයේ දින කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම අවසර ලබාදීම සිදු කරනු ලැබුවේ.

අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

මේ අනුව දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නීතිඥවරුන්ගේ විරෝධතාවලට යටත්ව අදාළ සීමානීර්ණ කමිටු වාර්තාව සහ සෙසු ලේඛන ලබන 14 වන දාට පෙර ගොනු කිරීම සදහා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාට අවසර ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content