නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික අපරාධකරුවන් තුන් දෙනෙකු සහ ඔවුන්ට ආධාර උපකාර කර රැකවරණය සැපයූ ඉන්දියානුවෙක් ද ඉන්දීයානු මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික අපරාධකරුවන් තිදෙනා මිනීමැරුම් 11 කට සම්බන්ධ බවටයි සැක මතුව ඇත්තේ.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සැකකරුවන් බැංගලෝර් යෙලහන්කා හි පිහිටි මහල් නිවාසයකදී අත්අඩංගුවට ගත් බවයි.

මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා නීතිවිරෝධී සංක්‍රමණිකයන් බව තහවුරු කර ගැනීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content