මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කුවේට් හිදී මරණ දඩුවම හිමි වුණා.

මේ අනුව අදාල ශ්‍රී ලාංකිකයාගේ මෘත දේහය භාරගැනීම සඳහා ඔහුගේ බිරින්දැවරුන් බව පවසමින් කාන්තාවන් තිදෙනකු ඉදිරිපත් වී ඇති බව සදහන්.

අදාළ මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී ඊයේ දින සිදු කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් එම කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරින්දැවරුන් බව පවසමින් කාන්තාවන් තිදෙනෙකු ඔහුගේ දේහය භාර ගැනීමට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අදාළ දේහය පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු අද දිනය දක්වා කල්දමා ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලක් වන අතර කුවේට් රාජ්‍ය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවක් මත පසුගිය 27 වනදා ඔහුව එල්ලා මැරීමට කටයුතු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content