ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් මැදිපෙරදිග කලාපයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම අර්බුදයක් වනු ඇති බව බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය පවසනවා.

මේ අතර ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටස දක්වා ගමන්කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියා.

ඔහු ප්‍රකාශ කළේ එම පිරිස ගාසා තීරයේ වෙසෙන අනෙක් පිරිස් සමග ඊජිප්තුව වෙත ගමන් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.

WhatsApp Group

Skip to content