ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරඟයෙන් කඩුළු 4ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 264ක් ලබා ගත්තා.
එහිදී ජනිත් ලියනගේ ලකුණු 76ක් සහ නිශාන් මදුෂ්ක ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ලුතෝ සිපම්ලා ලකුණු 33ට කඩුළු 3ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම පන්දුවාර 41යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 268ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

 

WhatsApp Group

Skip to content