එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවන තරගය අද පැවැත්වෙනවා .

ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි .

මෙම තරගය පැවැත්වෙන්නේ බුලවායෝ ක්‍රීඩාංගනයේදී වන අතර මෙරට වේලාවෙන් මධ්‍යහන 12.30 ට තරගය ආරම්භ වීමට නියමිතයි .

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මේ වන විට මෙම කණ්ඩායම් දෙකම අපරාජිතව සිටීමද විශේෂත්වයක් .

මේ අද පැවැත්වෙන තරගය පිලිබදව මාධ්‍ය හමුවේ අදහස් පල කල ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ .

https://www.vnews.lk/storage/2023/07/THEEKSHANA-EDIT-.mp3?_=1

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට 2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වුණා.

ඒ ලෝක කුසලාන අවසන් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගවල සුපර් සික්ස් වටයේ තරගයකින් ඊයේ ස්කොට්ලන්තය හමුවේ කඩුලු 7කින් පරාජය වීම හේතුවෙන්. මෙම තරගයේ කාසියේ වාසිය දිනු ස්කොට්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා .

ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 181 ක් පමණයි .

ජයග්‍රාහී ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී තම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

WhatsApp Group

Skip to content