සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ප්‍රවේශපත්‍ර නොමැතිව හෙට දිනයේදී තරගය නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

දෙරට අතර පැවති පළමු සහ දෙවන එක්දින තරගය නැරඹීම සදහා අවම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් ද නොපැමිණීම හේතුවෙනුයි හෙට තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇත්තේ.

මෙරට පැවති එක්දින තරගයක් නැරඹීම සදහා අඩුම ප්‍රේක්ෂක සහභාගිත්වයක් හිමිවු පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තෙවන එක්දින තරගය හෙට පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content