සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පවස්වරු 02.30 ටයි .

දෙරට අතර පැවති පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එම තරගය අත්හැර දැමීමට තරග තීරකවරයා කටයුතු කළා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය ජය ගැනීමට නම් අද පැවැත්වෙන තරගය ජය ගැනීම අතිශය වැදගත් බව ක්‍රීඩා විචාරකයින් පවසනවා.

WhatsApp Group

Skip to content