එක්දික ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය සඳහා අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙක් කැඳවා තිබෙනවා.

ඒ අනුව දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ සහ ඩිල්ෂාන් මධුශංක මෙලෙස අතිරේක ක්‍රීඩකයන් ලෙස කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් අද දිනයේ සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.

මේ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සහ නේපාල කණ්ඩායම සමත් වුණා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම සහ ඇමරිකා කණ්ඩායම පරාජයට පත් කරමින්.

එහිදී පැවති පළමු තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම පරදා කඩුළු 06න් ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණේ.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 315ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 5ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 319ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

මේ අරත ඊයෙ පැවති දෙවැනි තරගයෙන් ඇමරිකානු කණ්ඩායම පරදා කඩුළු 06ක ජයක් වාර්තා කිරීමටයි නේපාල කණ්ඩායම සමත් වුණේ.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඇමරිකා කණ්ඩායමට පන්දුවාර 49ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 207ක් පමණයි.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 211ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content