නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටින විශ්ව ප්‍රනාන්දු වෙනුවට ඔහුව සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පුහුණුවීම් අතරතුර විශ්ව ප්‍රනාන්දුගේ දකුණු පාදයේ එම ආබාධය සිදුව ඇති අතර, ඒ අනුව ඔහුගේ ආබාධය සුව කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සදහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ වෙනසක් සිදු කළහොත්, බොහෝ විට නිශාන් පීරිස්ට ටෙස්ට් වරම් හිමි කර ගැනීමට අවස්ථාවක් උදා වනු ඇති.

27 හැවිරිදි ඔහු පළමු පෙල තරග 41 කදී කඩුලු 172 ක් දවා ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 26 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 63 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව මේ වන විට තරග 1 ට 0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

WhatsApp Group

Skip to content