ශ්රී ලංකා විදේශ සේවයට අලුතින් බඳවාගත් නිලධාරීන් විසි දෙනෙකු විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් පසුගියදා (11) අමාත්යාංශය වෙත පිළිගනු ලැබුණි.
ශ්රී ලංකා විදේශ සේවයේ වැදගත් කාර්යභාරය සහ රාජ්ය සේවකයන් ලෙස සියලුම නිලධාරීන්ගේ විශේෂ වගකීම් පිළිබඳව විදේශ ලේකම්වරිය එහි දී අවධාරණය කළාය. ආර්ථික රාජ්ය තාන්ත්රිකභාවය සඳහා ප්රමුඛත්වය ලබා දීම ඇතුළු නවීන රාජ්යතාන්ත්රික ලෝකයට අවශ්ය කුසලතා පිළිබඳවද ඇය සඳහන් කළාය.
මෙම නව නිලධාරීන් විසි දෙනා විවෘත තරඟ විභාගයක් හා සම්මුඛ පරීක්ෂණ ක්රියාවලියක් හරහා ශ්රී ලංකා විදේශ සේවයට බඳවා ගන්නා ලද අතර රාජ්ය සේවා කොමිෂන් සභාව මගින් පත්කිරීම් සිදු කෙරුණි.
අලුතින් බඳවා ගන්නා ලද නිලධාරීන් විදේශ කටයුතු අමාත්යාංශයේ වැඩ භාර ගැනීමට පෙර බණ්ඩාරනායක ජාත්යන්තර රාජ්යතාන්ත්රික පුහුණු ආයතනය විසින් පවත්වනු ලබන සේවාරම්භක පුහුණු වැඩසටහනට සහභාගී වනු ඇත.

WhatsApp Group

Skip to content