ශ්‍රී ලංකා රේගුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඉපයූ ආදායම රුපියල් බිලියන 109 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය රේගුව මාසයක කාලයක් තුළ ඉපයූ ඉහළම ආදායම බවයි රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ.

ඔහු සදහන් කළේ බදු රැස්කිරිමේ ක්‍රියාවලිය විධිමත් සහ කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව බවයි.

එමෙන්ම මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ක් ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

WhatsApp Group

Skip to content