ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජියේවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙරට ආර්ථික ගැටලු විසදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදි ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

එහිදි ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබදවද මෙහිදි අවධානය යොමු කළ බව සදහන්.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයේ අවසන් දිනය අදයි.

අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට ද නියමිතව තිබෙනවා.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට මැලේසියාවේ රාජ්‍ය සංචාරයක් සදහා එරට අග්‍රාමාත්‍යවරයා විසින් ඇරයුම් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි හෝ පෙබරවාරි මාසවලදී ඒ සදහා සහභාගි වීමට එකඟත්වය පළ කර ඇති බව සදහන්.

මැලේසියාවේ විදේශ අමාත්‍යවරයා ද ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content