නියම කර ඇති පරිදි බැංකු පද්ධතිය තුළ පොලී අනුපාත පහළ දමා තිබේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ අධීක්ෂණයක් සිදු කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවෘත පොලී අනුපාත පහළ දැමීමේදී බැංකු පද්ධතියටද ප්‍රායෝගික ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුවන බවයි.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් රජය විසින් මේ වන විට වැඩි අවදානයකින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content