ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත් වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා .

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 10 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් අඩු වී ඇති බව සදහන් .

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පැවැත් වූ ප්‍රථම මුදල් මණ්ඩල රැස්වීම මෙය වනවා .

ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වී තිබෙන සහ සිදුවිය හැකි වර්ධනයන් ඉතාමත් සැලකිල්ලෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා .

WhatsApp Group

Skip to content