සියලු ණය පොලී අනුපාත අඩු කිරීමට වහා පියවර ගන්නා ලෙස බලපත්‍රලාභී සියලුම බැංකු වලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහා බැංකුව සඳහන් කරන්නේ ප්‍රතිපත්ති පොළී අනුපාත පහළ දැමීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත අඩු කල යුතු බවයි

ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිලිබදව වාණිජ බැංකු ප්‍රධානීන් වෙත පිටපත් සහිතව ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යවා තිබෙනවා.

එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේනම් හෝ ඒ සඳහා ප්‍රමාද වන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහබැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවයි එම ලිපිය මගින් අවාධාරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content