ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය අඩු වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ නිල සංචිතවල සුළු අඩු වීමක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව ජූලි මාසයේදී ඩොලර් මිලියන 3,765ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා සියයට 4.4කින් අඩු වී තිබෙනවා.

චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකම ද ඊට ඇතුළත්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනත් සමග මෙරටට මුදල් ලැබීම් ඉහළ ගිය ද, ශ්‍රී ලංකාව සෙසු විදේශීය පාර්ශ්වවලින් ලබාගත් ණය ගෙවීම් යළි ඇරඹීම මීට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content