ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ලබන ජූනි මස 8 වනදා පැවැත්වීමට නියමිතයි.
එම රැලිය හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් අම්බලන්තොට මංසන්ධියේ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ප්‍රථම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන සංවිධානය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ පළමු රැළිය විශාල ජන සහභාගීත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැළියට සහභාගීවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content