ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට පාර්ශව 3 කට කැඩී ගොස් ඇති බව වර්තා වනවා.

එම පක්ෂයේ සාමාජිකයින් කණ්ඩායම් 3 කට බෙදී ගොස් ජනාධිපති අපේක්ෂකයින් තිදෙනෙකුට උපකාර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමක් ජනාධිපති අපේක්ෂක වශයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට දැනටමත් තීරණය කර තිබෙනවා.

එමෙන්ම අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම මහින්ද අමරවීර මහතා ඇතුළු කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට කටයුතු කර ඇති බව ද සදහන්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ සහය සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පළ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content