ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා.

ඒ, අනුව මෙම සංවත්සර සැමරුම හෙට දිනයේ බත්තරමුල්ල තලවතුගොඩදී පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂය නිවේදනය කරන්නේ.

“එක්වෙමු – වෙනසකට සැරසෙමු” යන්න මෙවර නිදහස් පක්ෂයේ සංවත්සර සැමරුමේ තේමාව වී තිබෙනවා.

ඒ, අනුව මෙවර සංවත්සර උත්සවය එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්ෂයේ ප්‍රධානීන්, දිස්ත්‍රික්, ආසන සංවිධායකයන්, කාන්තා සංවිධානය, තරුණ සංවිධානය ඇතුළු පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් හෙට පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

සංවත්සර සැමරුම මීට පෙර හෙට්ටිපොළ දී පැවැත්වීමට තීරණය කර තිබුණ ද පවතින තත්ත්වය හමුවේ පසුව එය කොළඹ දී පැවැත්වීමට තීරණය කෙරුණා.

මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය .

https://www.vnews.lk/storage/2023/09/SLFP-FEATURE-1.mp3?_=1

WhatsApp Group

Skip to content