ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් මාර්ගස්ථ සන්නිවේදන කුටි තුළ තිබූ පාරිතෝෂිත කාඩ්පත් සොරකම් කිරීම් කිහිපයකට සම්බන්ධ එම ආයතනයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ගනේමුල්ල, බොරැල්ල, කොට්ටාව, මාලඹේ, නවගමුව හා හෝමාගම යන ප්‍රදේශවල මෙවැනි සොරකම් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති අතර එලෙස සොරකම් කළ දේපළ වල වටිනාකම රුපියල් ලක්ෂ 155 කට අධික බවටයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

WhatsApp Group

Skip to content