තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජුඩෝ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලාංකික ජූඩෝ කණ්ඩායම ඊයේ රාත්‍රියේදී දිවයිනට පැමිණ තිබෙනවා.

එම තරගාවලියේදී ඔවුන් රන් පදක්කමක්, රදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට සමත් වුණා.

ආර්.සී. ධර්මවර්ධන ක්‍රීඩකයා විසින් කිලෝග්‍රෑම් 73 බර පන්තිය යටතේ තරග කරමින් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකු ද වනවා.

මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 15 කට අධික සංඛ්‍යාවක් සහභාගි වී තිබීම විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content