ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 82 කින් පරාජය වීමත් සමගයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 172 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 5 ක් තුළ දී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90 ක් පමණයි.

ඒ අනුව මෙම තරගාවලියේදී ක්‍රීඩා කළ මූලික වටයේ පළමු තරග තුනම පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ තවත් එක් තරගයක් පමණයි.

WhatsApp Group

Skip to content