සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩත්වත් ලුවිස් න්‍යායට අනුව කඩුළු 09ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 28ට සීමා කිරීමට තරග තීරකයන් තීරණ කරනු ලැබුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 28 අවසානයේ කඩුළු 05ක් දැවී කලුණු 170ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 27ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 172ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content