2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ උගන්ඩා කාන්තා කණ්ඩායම ලකුණු 67න් පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 87ක් පමණයි.

WhatsApp Group

Skip to content