ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත්කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින මෙරට පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිධාරි විශ්‍රාමික නිලධාරියෙක් වන ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා මෙරට පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස පත්කරනු ලැබුවා..

චූලානන්ද පෙරේරා මහතා රාජ්‍ය ආයතන, සංස්ථා සහ මණ්ඩල ගණනාවක සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මෙන්ම අමාත්‍යාංශ ගණනාවක අතිරේක ලේකම් සහ අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කරමින් අත්දැකීම් බහුල නිලධාරියෙක්..

ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සහ අගතියට පත් පුද්ගලයා එවැනි තීරණයකින් හෝ ක්‍රියාවකින් දින 14 ක කාලයක් ඇතුළත ක්‍රීඩා ඔම්බුඩ්ස්මන් වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකියි.

ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා අපක්ෂපාතී සමාලොචනයකින් පසුව එම ඉල්ලීම ලැබී දින 14 ක් ඇතුළත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හරහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කළ යුතු වනවා.

WhatsApp Group

Skip to content