විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මුලික සංචිතයේ ක්‍රිඩකයින් මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය හමුවී තිබෙනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජුලි චන්ග් මහත්මිය සදහන් කළේ මෙය ක්‍රිඩා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහා වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි.

ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ දක්ෂතා අමෙරිකාවේ සිටින ක්‍රිකට් ලෝලින් විශ්මයට පත්කරනු ඇති බවයි ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ඇමරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 14 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content