ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් එහි වගකීම් බරපතල ලෙස උල්ලංගනය කරමින් සිටින බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද රැස්වී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීන ව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත් වීමක් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බව ද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content