අන්තර්ජාතික තරගවලදී දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ සහ දිරිගැන්වීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ අනුව ඒ ඒ තරගවලදී ඉහළතම දස්කම් දක්වන ක්‍රීඩකයාට විවේකාගාරය තුළදීම තැඹිලි පැහැති තොප්පික් සහ සමරු පදක්කමක් පිරිනැමීමටයි කණ්ඩායම් කළමනාකාරිත්ව කටයුතු කර ඇත්තේ.

එහි පළමු පියවර ලෙස බංග්ලාදේශයට එරෙහිව ඊයේ පැවැති තරගයේදී රැකගත් විශිෂ්ට උඩ පන්දු තුන වෙනුවෙන් චරිත් අසලංකට තැඹිලි පැහැති තොප්පිය සහ සමරු පදක්කම, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන මහතා පිරිනැමීම සිදු කළා.

WhatsApp Group

Skip to content