ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික තරගවලට සහභාගි වීමට නම් පච්චා කෙටීම්ල මාල හෝ කරාබු පැළඳ ක්‍රීඩා කිරීම අතහැරල කොණ්ඩය නිසි පරිදි කපා විනයක් ඇතිව පැමිණිය යුතු යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට පවසා තිබේ

තමන් පුහුණුකරුවා වශයෙන් සිටින්නේ තාවකාලික පදනමකින් වුවත්ල ජාතික ක්‍රීඩකයන් දෙස බලාගෙන ඔවුන්ව ආදර්ශයට ගනිමින් සිටින පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ද සිටින බැවින් ර්‍ණවිනයක් ඇතුව අඳින්න පළඳින්න” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුරුදු පුහුණු විය යුතු බව ද සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට කියා තිබේ

WhatsApp Group

Skip to content